කටුනේරිය වෙරළේ අභිරහස් කාන්තා මළ සිරුරක්

කටුනේරිය වෙරළේ අභිරහස් කාන්තා මළ සිරුරක්

මාරවිල පොලිස් වසමට අයත් කටුනේරිය වෙරළ උද්‍යාන ආසන්නයේ වෙරළ තීරයට අභිරහස් ලෙස මියගිය නාඳුනන කාන්තා මළ සිරුරක් අද (27) උදෑසන ගොඩ ගසා තිබූ බව මාරවිල පොලිසිය පවසනවා .

එම ස්ථානයේ ධීවර කටයුතු වල නියැළෙන ධීවරයින් පිරිසක් උදෑසන 7.30 ට පමණ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබේ.

මළ සිරුර වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන කාන්තාවකගේ සිරුරක් වන බව පොලිසිය පවසනවා .

සිරුරට කිසිදු හානියක් සිදුවී නොවී තිබීම හේතුවෙන් අද (27) උදෑසන හෝ කලින් දින රාත්‍රියේ කාන්තාවගේ මරණය සිදුවී ඇති බවයි පොලිසිය පවසන්නේ .

මාරවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.