කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබේ.
ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගම සඳහන් කළේ, ගුවන්තොටුපළට පැමිණෙන මගීන්ගේ පහසුව සඳහා දිනකට ගමන්වාර 10ක් මේ හරහා ක්‍රියාත්මක බවයි.
කටුනායක ගුවන්තොටුපළ පොලිසිය ඉදිරිපිට සිට මෙහි ගමන් ආරම්භ කෙරෙන අතර මාකුඔුර – බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා යාමට අයකරන ගාස්තුව රුපියල් 450ක්.