කටුනායක ගුවන් තොටේ ජීව උණ්ඩයක්

කටුනායක ගුවන් තොටේ ජීව උණ්ඩයක්

කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ගමන් මලු පථය අසළ මිලි මීටර් 09 වර්ගයේ ජීව උණ්ඩයකට සමාන උණ්ඩයක් වැටී තිබියදී, ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවක විසින් සොයාගෙන, වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපොළ පොලිසියට අද (10) අලුයම භාර දී තිබේ.

අද අලුයම 03.15 ට පමණ මෙම උණ්ඩය ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාව විසින් සොයා ගෙන තිබූ අතර, පසුව ඇය විසින් එම උණඩය ශ්‍රී ලන්කන් ආරක්ෂක නිලධාරීන් වෙත භාර දී තිබේ.

ඔවුන් මෙම උණ්ඩය මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී ඇති අතර, එය සොයාගත් ශ්‍රී ලන්කන් භූමි සහායක සේවිකාවකගෙන් ද පොලිසිය විසින් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

මෙම උණ්ඩය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පියවර ගෙන තිබේ.