කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක්

කටුනායක ගුවන්තොටුපොළට නව මගී පර්යන්තයක්

කටුනායක ගුවන්තොටුපොළේ නව මගී පර්යන්තයක් ඉදිකරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

නව මගී පර්යන්තයේ පිටත්වීමේ කවුළු 30ක් අලුතින් ස්ථාපිත කරන බවයි, එහි ලේකම් රුවන්චන්ද්‍ර සඳහන් කළේ.

දැනට පවතින මගී පර්යන්තයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නව මගී පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා පැවසීය.

මේ වසරේ දෙසැම්බර් මස 31 වෙනි දාට පෙර ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතයි.

දේශීය ඉදිකිරීම් සමාගමක් ඉදකිරීමේ සඳහා තෝරා ගෙන ඇතැයි ලේකම්වරයා පැවසීය.

ඉදිකිරීම් සඳහා වැය වන මුදල රුපියල් බිලියන 2.5කි.

Share This