කටුකුරුන්ද මුහුදු වෙරළට පාවී ආ හඳුනා නොගත් උපකරණයේ තොරතුරු හෙළිවෙයි

කටුකුරුන්ද මුහුදු වෙරළට පාවී ආ හඳුනා නොගත් උපකරණයේ තොරතුරු හෙළිවෙයි

කළුතර කටුකුරුන්ද පිහිටී හෝටලයක් ආසන්න මුහුදු වෙරළට පාවී ආ හඳුනා නොගත් උපකරණයක් ඊයේ සවස 6.30 පමණ සොයාගෙන තිබිණි.

මෙම උපකරණය දුටු පුද්ගලයෙක් කළුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු ,කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් ඒ පිලිබදව වැඩිදුර පරික්ෂණ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා කඳවුරට දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන් පැමිණ පරීක්ෂා කිරීමේදී මෙම උපකරණය” FRF-500S streamer recovery devis “යන නමින් හදුන්වන මුහුදු ප්‍රවාහනයන් වලදී භූ කම්පන හෝ පීඩන හදුනා ගැනීමේ උපකරණයක් බවට පරික්ෂණ වලින් හදුනාගෙන ඇත.

පසුව එය කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබේ.

කළුතර කටුකුරුන්ද මුහුදු වෙරළට ආසන්නයෙන් ගමන් ගන්නා නැවකින් මෙය වැටෙන්නට ඇතැයි ඔවුන් සැක පළ කරයි.

Share This