අමෙරිකාවේ හිටපු ජනපති ජිමී කාටර් අභාවප්‍රාප්ත වෙයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ 39 වන ජනාධිපති ජිමී කාටර් ඊයේ (29) මියගොස් තිබේ.
ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී ඊයේ පස්වරුවේ හිටපු ජනාධිපතිවරයා මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මියයන විට ඔහු 100 වැනි වියෙහි පසුවිය.
අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර්ව නම් කෙරුණේ, පසුගිය ඔක්තෝබරයේ ඔහු 100 වැනි උපන් දිනය සමරද්දීය.
ඩිමොක්රටික් පාක්ෂිකයෙකු වන කාටර් 1977 වසරේ සිට 1981 වසර දක්වා එරට ජනාධිපති ධුරය හොබවා තිබේ.
‘අපගේ හිටපු ජනාධිපති ජිමී කාටර් සමුගත්තා’ යැයි කාටර්ගේ අභාවය පිළිබඳ පළමුවෙන් දැනුම් දීමක් කළේ ධවල මන්දිරයයි. ඒ එක්ස් පණිවුඩයක් මගිනි.
පසුගිය වසර දෙකක කාලයේ ජිමී කාටර් චර්ම පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් දැඩි ලෙස රෝගී වී සිටියේය. ඔහු වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය.
කාටර් උපන්නේ 1924 ඔක්තෝබර් පළමු වැනිදාය. ඔහු නොබෙන් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙකි.
කාටර්ගේ බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය.