
කරුණා අම්මාන්ගේ සහාය රනිල්ට
උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව මෙවර සිය ඡන්දය භාවිත කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් පවසයි.
එසේම තම පක්ෂය ද සහාය දක්වන්නේ ජනාධිපතිවරයාට බවයි, ඔහු සඳහන් කරන්නේ.
ඔහු මේ බව කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
“ඊළඟ ධූර කාලයත් අපි ඔහුටම ලබාදිය යුතුයි. ඒ නිසා තමයි මමත් ඔහුට සහයෝගය දෙන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව අනිවාර්යයෙන්ම ඔහුට තමයි ඡන්දය දෙන්න යන්නේ. ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. සියලුදෙනාම ලෑස්තියි අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න. ඒ නිසා තමයි මමත් මගේ පක්ෂයත් ඔහුට සහයෝගය ලබාදෙන්නේ.”