කරණීයමෙත්ත සූත්‍රය විකෘති කල අයට වැඩ වරදී – හුවමාරු කල අය ගැනත් පරීක්ෂණ

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කල අයට වැඩ වරදී – හුවමාරු කල අය ගැනත් පරීක්ෂණ

කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත උපදෙස් ලබාදී ඇති බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

කෘතිම බුද්ධි තාක්ෂණය ( AI) යොදා ගනිමින් සකස් කර ඇති බවට පෙනී යන වීඩියෝවක් මගින් කරණීය මෙත්ත සූත්‍රය විකෘති කර ෆේස්බුක් හා ටික්ටොක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන බවට විවිධ පාර්ශවලින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත හා බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ලැබී තිබේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ, එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙසය.

Share This