අන්තරේට කඳුළු ගෑස්

අන්තරේට කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් මීට මොහොතකට පෙර ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට අදාළව මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ද නිකුත් කර තිබිණ.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත් කෙරිණ.