මෑත කාලයේ වාර්තා වූ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ

මෑත කාලයේ වාර්තා වූ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ

මෑත කාලයේ ඉහළම බලශක්ති ඉල්ලුම ඊයේ දිනයේ (19) වාර්තා වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, බලශක්ති උත්පාදනය සඳහා 49.53 GWh ක් අවශ්‍ය වූ බවයි, ට්විටර් සටහනක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (20) දිනයේ දී 50 GWh ඉක්මවූ බලශක්ති ඉල්ලුමක් ඇති විය හැකි බවට තමා පුරෝකථනය කරන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව, එම පුරෝකථනය කරන ලද බලශක්ති ඉල්ලුම මෑතකදී පිහිටුවන ලද හම්බන්තොට ඩීසල් බලාගාරයෙන් ක්‍රියාත්මක වන ජනන යන්ත්‍ර ඇතුළු සියලුම විදුලිබල මණ්ඩලයේ තාප විදුලි බලාගාරවලින් සපයා ගැනීමට අපේක්ෂා කරන බවයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ.

Share This