කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක්

ග්‍රෑන්ඩ්පාස්, තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි.

මිය ගොස් සිටි පුද්ගලයා උස අඩි 05යි අඟල් 06ක් පමණ වන වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බවයි, පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔහු කළු පැහැති දිග කලිසමක් සහ කළු හා අළු පැහැති කමිසයක් හැඳ සිට තිබේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෘත ශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදු කර කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි, පොලිසිය පැවසුවේ.