නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වසා දමයි

නව කැලණි පාලම හෙට සිට තාවකාලිකව වසා දමයි

කල්‍යාණි රන් පිවිසුම හෙවත් නව කැලණි පාලම අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

සිදුකෙරෙන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි , මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ.

ඒ අනුව, දෙසැම්බර් 01 වනදා සිට 04 වනදා දක්වාත්, දෙසැම්බර් 08 වනදා සිට 11 වනදා දක්වාත්, දෙසැම්බර් 15 වනදා සිට 18 වනදා දක්වාත් නව කැලණි පාලම තාවකාලිකව වසා තැබෙනු ඇත.

Share This