අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

අයහපත් කාලගුණයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 26 ක් ජීවිතක්ෂයට පත්ව තවත් 41 දෙනෙකු තුවාල ලබා ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

අද (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එසේම දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 262ක පවුල් 33,422ක පුද්ගලයින් 130,021ක් ආපදාවට ලක්ව ඇත.

රජය විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන සුරක්ෂා මධ්‍යස්ථාන 116ක පවුල් 2,368කට අයත් පුද්ගලයින් 9,248ක් රඳවා ඇති බවද එහිදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share This