සජිත්ගෙන් කාදිනල් හිමි ට පොරොන්දුවක්

සජිත්ගෙන් කාදිනල් හිමි ට පොරොන්දුවක්

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන ලබා දීමටත් එහි මහමොළකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් ලබා දීමටත් තමා කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන්ට පොරොන්දු වී තිබේ.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පෙරවරුවේ කොළඹ දී අති උතුම් කාදිනල් මැල්කම් රංජිත හිමිපාණන් හමු වු අවස්ථාවේදීය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම උදෙසා විධිමත්ව පත් කරන ලද අධිකරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් තමා උර දෙන බවත් අධිකරණ ක්‍රියාදාමය නැවත ප්‍රත්‍යක්ෂ කිරීමට කටයුතු කරන බවත් ඒ සදහා වන අදාළ නෛතික ක්‍රියාමාර්ග නිසි පරිදි ගන්නා බවත් කාදිනල් හිමිපාණන් හමුවේ පොරොන්දු වී තිබේ.