කබ්රාල්ට සිතාසි

කබ්රාල්ට සිතාසි

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනාට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් අද  සිතාසි නිකුත් කළේය.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න මහත්වරුන්ටය.

2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය 1843 267 595/- ක අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කප්රාල් මහතාට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ. වසන්ත ආනන්ද සිල්වා. චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණී.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී.