
අනතුරට ලක්වූ K8 ජෙට් යානයේ දෝෂයක් නෑ – සිවිල් ගුවන් සේවා ඇමති
වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ගුවන් හමුදාවට අයත් K8 ජෙට් යානයේ දෝෂයක් නොමැති බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ සත් පුද්ගල කමිටුවේ වාර්තාවෙන් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කළේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොල, ඉහළ මිනුවන්ගැටේ, වෙලගෙදර ප්‍රදේශයේ පොල්වත්තකට කඩා වැටුණි.
එම අනතුරින් ගුවන් හමුදාවට අයත් K8 වර්ගයේ ජෙට් යානයක් සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර ගුවන් හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද තුවාල ලැබූහ.