පදක්කම් දිනූ ජූඩෝ කණ්ඩායම දිවයිනට

පදක්කම් දිනූ ජූඩෝ කණ්ඩායම දිවයිනට

තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජූඩෝ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාවූ ශ්‍රී ලාංකික ජූඩෝ කණ්ඩායම ඊයේ (24) රාත්‍රීයේ දිවයිනට පැමිණියේය.

එම තරඟාවලියේදී ඔවුන් රන් පදක්කමක්, රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට සමත් විය.

ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා කිලෝ ග්‍රෑම් 73 බර පංතිය යටතේ තරග කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනි.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි .

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 15 කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

ජූඩෝ කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සහ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් නෑදෑ හිතවතුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

COMMENTS