අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් දිවුරුම් දෙයි
අභියාචනාධිකරණ නව විනිසුරුවරුන් දෙදෙනක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්හ.
ඒ අනුව, නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.