සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් දිවයිනට
දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් තුන් දින සංචාරයක් සදහා අද (03) අලුයම දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකාවේ විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා තමන් පැමිණි බවත්, පසුව ඒ පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.
කළක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරුවෙකු ලෙස ද සේවය කළ ජොන්ටි රෝඩ්ස් කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදු කළේය.