ජෝ බයිඩන්ට යළිත් කොවිඩ් වැළඳෙයි

ජෝ බයිඩන්ට යළිත් කොවිඩ් වැළඳෙයි

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩ් -19 වෛරසය ආසාදන වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ මත සිදුකළ පරික්ෂාවකදී ඒ පිළිබඳ තහවුරු වී ඇත.

ජෝ බයිඩන් ජනාධිපතිවරයාට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් වෛරය ආසාදනය වී තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් ඉවත්ව සිය පෞද්ගලික නිවස වෙත ගොස් නිරෝධායන ප්‍රතිකාර සදහා යොමුව ඇති බව පැවසේ.

81 හැවිරිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය රෝගී තත්ත්වය හේතුවෙන් අද (18) පැවැත්වීමට නියමිතව තිබු සිය දේශපාලන ප්‍රචාරක රැස්වීමක් ද අවලංගු කර තිබේ.