ඊශ්‍රායලයේ රැකියා ගැන දැනුම් දීමක්

ඊශ්‍රායලයේ රැකියා ගැන දැනුම් දීමක්

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර 2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබේ.

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකික සාත්තු සේවා රැකියා ලාභීන් 281 දෙනෙකු ඊශ්‍රායලය බලා පිටව ගොස් ඇති අතර, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ පීබා ආයතනය අතර ඇති කර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 520 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබේ.

මේ අතර, 2023.08.21 හා 22 යන දෙදින ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා පිටව යාමට නියමිත තවත් ශ්‍රි ලාංකිකයින් 15 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී පසුගියදා (17) සිදුකරන ලදී.

මෙම පිරිසට කාන්තාවන් 12ක් හා පිරිමි පුද්ගලයින් 3කු එක් විය.

Share This