රැකියා සඳහා විදෙස් ගතවන පිරිස ඉහළට

රැකියා සඳහා විදෙස් ගතවන පිරිස ඉහළට

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාම පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය පවසයි.

ඒ අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 28344දෙනෙකු වන අතර පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ගොස් ඇති සංඛ්‍යාව 25716කි.

මෙම වසරේ මුල් මාස 09 තුළ  විදෙස් රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් 240109ක් ගොස්  ඇති අතර ඊට කාන්තා ශ්‍රමිකයින් 99939ක් ද පිරිමි ශ්‍රමිකයන් 142170 ද ඇතුළත්  වේ..

එම පිරිස් ගොස් ඇති රටවල් අතරට සෞදි අරාබිය ඊශ්‍රායලය ,ජපානය,දකුණු කොරියාව, කුවේටය , සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන රටවල් ඇතුළත් බව කාර්යාංශය  සඳහන්  කළේය

COMMENTS