ජෙරම්ගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියෝග

ජෙරම්ගේ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියෝග

දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබේ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදුකළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කලාය.

ඔහුට විදේශ ආගමික වැඩසටහන්වලට සහභාගී වීමට වීසා අයදුම් කිරීමට විදේශ ගමන් තහනම ගැටලුවක් බව කියමින් එය ඉවත් කරන ලෙස ඔහුගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඒ අනුව, විදෙස් ගමන් තහනම ඉවත් කෙරුණු අතර නීතිපති උපදෙස් සඳහා නඩුව කල් තැබීමට ද නියෝග කෙරුණි.

ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදුකළ බවට වන චෝදනාවට අදාළව අත්අඩංගුවට ගත් දේවගැතිවරයාට මෙසේ විදේශ ගමන් තහනමක් පනවා තිබුණි.