ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් දිවියෙන් සමුගනී

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් දිවියෙන් සමුගනී

ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගෙන තිබේ.

මියයන විට ඔහු 93 වන වියෙහි පසුවිය.

හොලිවුඩ් චිත්‍රපට ගණනාවක හඬ නළුවකු ලෙස කටයුතු කළ ජේම්ස් අර්ල් ජෝන්ස් දක්ෂ රංගන ශිල්පියෙක් ද විය.

ජේම්ස් අර්ල් ජෝන්ස් ලොව අතරේත් ජනප්‍රිය වූයේ, ස්ටාර් වෝස් චිත්‍රපට මාලාවේ නපුරා වන ඩාත් වේඩර්ට සහ ලයන් කිංග් කාටූන් චිත්‍රපටයට හඬ ලබා දෙමිනි.

ෆීල්ඩ්ස් ඔෆ් ඩ්‍රීම්ස්, කමින් ටු ඇමෙරිකා, කොනන් ද බාබේරියන් ඇතුළු චිත්‍රපට රැසකට ජේම්ස් අර්ල් ජෝන්ස් රංගනයෙන් දායක විය.

සම්මාන රැසක් දිනාගත් ජේම්ස් අර්ල් ජෝන්ස්, 2011 දී, කලා ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන්, ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවේය.