ඇමති ජිවන් ඇතුළු තිදෙනෙක් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වෙයි

ඇමති ජිවන් ඇතුළු තිදෙනෙක් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් වෙයි

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයින් තිදෙනෙක් (29) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් පෙනී සිටි බව නුවරඑලිය මුලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසිය.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා සහ එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් සමග ඉකුත් මැයි මස (30) දින නුවරඑලිය පිඩෘ වතුයායට අයත් තේ කර්මාන්ත ශාලාව වෙත ගොස් එම වතු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය පැය කිහිපයක් ඔවුන් භාරයේ රදවා ගත්තේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය විසින් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට වෙත ඉකුත් මස (22) දින කරුණු වාර්තා කරමින් කියා සිටියේ පැමිණිල්ල සම්බන්ධයෙන් නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත්, විමර්ෂණ කටයුතු අවසන් කර නොමැති නිසා සැකකරුවන්ගේ නම් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බවත්ය.

එම වතු සමාගම වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් සැකකරුවන්ගේ නම් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ක්‍රියා නොකරන බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් , එම පක්ෂයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල්, එම පක්ෂයේ ජෙෂ්ඨ සමාජික ලෝගදාස් සහ නුවරඑලිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති යෝගනාදන් යන මහතුන් අධිකරණය වෙත ඉදිරිපත් වි ඇත.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් වු අවස්ථාවේ නුවරඑලිය මහෙස්ත්‍රාත් ප්‍රබුද්ධිකා ලංකාන්දි මෙනවිය අධිකරණය හමුවේ පවසා ඇත්තේ පොලිසිය මගින් සැකකරුවන් කිසිවෙකු නම් කර නොමැති නිසා මෙම නඩුව ලබන මස (26) දින කැදවන බවයි.

ඉදිරි විමර්ෂණ කටයුතු සම්බන්ධයෙන් නුවරඑලිය ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හෝ සහකාර පොලිස් අධිකාරිවරයෙකු අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් අප ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක එස්.සත්‍යවේල් මහතාගෙන් කරුණු විමසා සිටි අවස්තාවේ ඔහු කියා සිටියේ පොලිසිය මගින් තම පක්ෂයේ මහ ලේකම්වරයාගේ හෝ තමන්ගේ නම් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොතිබු බවත්, වතු සමාගම් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් අධිකරණය හමුවේ තමන් සැකකරුවන් ලෙස නම් කර සිටි නිසා අධිකරණයට ගරු කිරිමක් වශයෙන් තම පක්ෂයේ මහ ලේකම්වරයා ඇතුළු තමන් තිදෙනො (29) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට මොසමක් මගින් ඉදිරිපත් වු බවයි.