‘බඩු සැරයි – සැප ගොඩ’ යි – ජය ශ්‍රී ලා ගේන්න හදන කවුරුත් දන්නැති රුවිතෙ මොකද්ද?

‘බඩු සැරයි – සැප ගොඩ’ යි – ජය ශ්‍රී ලා ගේන්න හදන කවුරුත් දන්නැති රුවිතෙ මොකද්ද?

ජය ශ්‍රී අයියා මලෝ ‍ලංකාවේ සංගීත ක්ෂේත්‍රය ඇතුළේ කැපී පෙනෙන වෙනස්කම් කරපු දෙ‍න්නෙක්. මේ දෙන්නා මේ දවස්වල අලුත් වැඩකට අතගහලා ඉන්න බව අපිට දැනගන්න ලැබුණා. ඉතිං ඒ ගැන දැනගන්න අපි ඔවුන්ව සම්බන්ධ කරගත්තා.

මේ ගැන වැඩිදුර පැහැදිලි කරපු ජය ශ්‍රී – රොහාන් නම් කියන්නේ, ‘බඩු සැරයි – සැප ගොඩ’ යි කියලා. ජය ශ්‍රී ලා මේ කියන බඩු මොනවද කියලා තවමත් මාධ්‍යට අනාවරණය කරලා නම් නැහැ.

ඒ ගැන රෝහිත නම් කියන්නේ, ‘දැන් රුවිතයක් එන්න යන්නේ. ඒ කියන්නේ ඩයමන්ඩ් ප්ලේස්. ක්ෂේත්‍රයේ ඉන්න හොඳම වැ‍ඩ්ඩෝ ටික එකතු වෙලා, අපි ලංකාවෙන් යන්න කලින්, ලංකාවේ ලස්සනම තැන්, ඩයමන්ඩ් ප්ලේස් වගයක් එක්ක ලස්සන වැඩක් කරගෙන යනවා’ කියලයි.

ජය ශ්‍රී ලා කියන මේ රුවිත වැඩේට බොහෝ දෙනෙක් සහයදුන්නා කියලත් ඔවුන් පසුගියදා සමාජ මාධ්‍ය හමුවේ කියලා තිබුණා. ලංකාවේ හතර දිග්භාගයේ කට්ටිය එකට එකතුවෙලා එකම අරමුණක් වෙනුවෙන් සහයෝගයෙන් දියත් කරපු මේ අලුත්ම රුවිතේ නුදුරේදීම දැකගන්න ලැබෙනවා.