ජ’පුර සරසවිය තාවකාලිකව වසා දමයි

ජ’පුර සරසවිය තාවකාලිකව වසා දමයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අද සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට එහි පාලන අධිකාරිය තීරණය කර තිබේ.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව, සියලුම සිසුන්ට අද (12) පස්වරු 6:00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි, පාලන අධිකාරිය දැනුම් දී ඇත්තේ.

ගැටුම ඇතිවූ පාර්ශ්ව සම්බන්ධයෙන් හෝ නැවත විශ්වවිද්‍යාලය ආරම්භ කෙරෙන්නේ කවදා ද යන්න සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මෙතෙක් විස්තර නිකුත් කර නැත.