ජපාන විදේශ ඇමති පැමිණෙයි

ජපාන විදේශ ඇමති පැමිණෙයි

ජපාන විදේශ අමාත්‍ය හයාෂි යෝෂිමාසා (HAYASHI Yoshimasa)මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාව සමඟ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් හයාෂි යෝෂිමාසා මහතා ඇතුළු ජපාන දූත පිරිස ශ්‍රී ලංකා සංචාරයේ නිරත වෙති.

ජපාන් විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකයින් මුණ ගැසීමට නියමිතය.

ජපානය සමඟ නැවත ආයෝජන ප්‍රවර්ධනය කිරීමට මෙමගින් අවස්ථාව උදාවෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .