ජනපති රනිල්ට සහය පළ කරන “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදකී

ජනපති රනිල්ට සහය පළ කරන “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” එළිදකී

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු දේශපාලන සන්ධානය එළිදැක්වීමේ උත්සවය අද (05) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි පැවැත්වුණි.

කුසලානය ලකුණනින් “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” නමින් එළිදැක්වූ එම නව පෙරමුණේ නායකත්වය දරනු ලබන්නේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනුයි.

එමෙන්ම, එම පෙරමුණේ ලේකම් ලෙස අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර තිබේ.

එම උත්සවය සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් විශාල ප්‍රමාණයක් මෙන්ම හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටියහ.