බන්ධනාගාර සිරකරුවන් අතර උපාධිධාරීන් 331ක්

බන්ධනාගාර සිරකරුවන් අතර උපාධිධාරීන් 331ක්

බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් අතර උපාධිධාරීන් 331 දෙනෙකු සිටින බව බන්ධනාගාර තොරතුරු වාර්තා වලින් පෙනී යන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසයි.

මේ පිරිසට සිර දඬුවම් විඳින( අච්චු) පුද්ගලයෝ 66 දෙනෙක් සහ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින 265 දෙනෙක් ඇතුළත් වෙති.

ඉකුත් වසර වන විට බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් සංඛ්‍යාව එක් ලක්ෂ අසූ පන් දහස් පනස් හයක් බව පැවසූ මහාචාර්යවරයා ඉන් 14952 ක් අපොස උසස් පෙළ සමතුන් බවද පැවසීය.

මෙයට අමතරව සෙසු සිරකරුවන් අතර අපොස සාමාන්‍ය පෙළ සමතුන් 44614 දෙනෙකුද අටවැනි ශ්‍රේණිය සමත් 64684 දෙනෙකුද පහ ශ්‍රේණිය සමත් 34673 දෙනෙකුද 1-5 අතර ශ්‍රේණි සමත් 20188 දෙනෙකුද සිටි බව අතු කෝරළ මහතා කීවේය.

තවද පාසල් නොගිය 5370දෙනෙකුද මෙම පිරිසේ සිටි බව හෙළිවී ඇත.