රංගන ශිල්පී ජගත් මනුවර්ණට අනතුරක්

රංගන ශිල්පී ජගත් මනුවර්ණට අනතුරක්

රූගත කිරීමක් අතරතුරදී සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පී ජගත් මනුවර්ණ අනතුරකට ලක්ව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ක්‍රියාදාම දර්ශන බොහෝ ප්‍රමාණයක් ඇතුළත්, චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ සිනමාපටයේ රූගතකිරීම් අතුරතුර දී ඔහු මෙම අනතුරට පත්ව තිබෙනවා.

අනතුර සිදුවූ ඊයේ දින රාත්‍රීයේ ම ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පිටත් කර එවා ඇති නමුත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

වෙඩි පිපිරවීම් සිදුකළ ශිල්පියාගේ අත්වැරදීමකින් ජගත් මනුවර්ණ මෙම අනතුරට මුහුණ පා ඇති බව සඳහන්.

Share This