පොහොට්ටුවේ ජගත් කුමාරගේ සහාය සජිත්ට

පොහොට්ටුවේ ජගත් කුමාරගේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ අපේක්ෂක විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

ඒ මහතා අද (29) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහය පළ කිරීම සිදු කළේය.

ඔහු පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.