ජගත් ප්‍රියංකර මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

ජගත් ප්‍රියංකර මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ පුරප්පාඩුවට පත් කෙරුණු ජගත් ප්‍රියංකර මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

සනත් නිශාන්ත මහතාගෙන් පසු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගෙන සිටියේ ප්‍රියංකර මහතාය.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ජගත් ප්‍රියංකර 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්යෙන් ඉදිරිපත්ව මනාප 40,527 ක් ලබා ගත්තේය.

දිවුරුම් දීමෙන් පසු ප්‍රියංකර මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

Share This