යාපනයේ මී උණ රෝගීන් වාර්තාවීම සීඝ්රයෙන් ඉහළට
වර්ෂාව යළි ආරම්භ වීමත් සමගම යාපනයේ මීඋණ රෝගීන්ගේ සංඛ්‍යාවද ඉතා සීඝ්රයෙන් ඉහල ගොස් තිබේ.
මීට පෙර යාපනයේ පේදුරුතුඩුව මන්තිහෙයි විශේෂ ප්‍රතිකාර ඒකකයේ හා යාපනය ඒකකයේ රෝගීන් 17 දෙනෙකු පමණක් සිටිය නමුත් අද (17) උදෑසන වන විට එම සංඛ්‍යව 89 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි, වාර්තා වන්නේ.
මේ ආකාරයට රෝගීන් සංඛ්‍යාව ඉහල ගොස් අත්තේ දින තුනක් වැනි කෙටි කාලයකදීය.
මේ වන විට මී උණ හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේදී රෝගීන් 7 ක් හා මුලතිව් රෝහලේදි එක් රෝගියෙකු වශයෙන් 8 දෙනෙකු මියගොස් තිබේ.
යාපනයේ මී උණ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගොවීන්ට සහ මුහුදු ජලයේ වැව් ධීවර කාර්මිකයන්ට එන්නත් ලබාදීම සිදුකෙරෙන කෙරෙන අතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවල සේවය කරන සනීපාරක්ෂක සේවකයන්ට ප්‍රතිජීවක ඖෂධ ලබා දී තිබේ.