ඉලංකෙයි තමිල් අරුසු කච්චි දේශපාලනඥයින්ට එරෙහිව මුලතිව් ගම් පුරා පෝස්ටර්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි දේශපාලනඥයින්ට එරෙහිව මුලතිව් ගම් පුරා පෝස්ටර්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) දේශපාලනඥයින්ට එරෙහිව මුලතිව් ප්‍රදේශයේ ගම්මාන පුරා ඊයේ රාත්‍රියේ 11 පෝස්ටර් අලවා තිබේ.

පෝස්ටර් අලවන ලද්දේ කවුරුන් විසින්ද යන්න ප්‍රකාශ කොට නැතත් එම පෝස්ටර් වල සඳහන්ව ඇත්තේ දෙමළ ජනතාවට එක එක බොරු කියමින් ජනතාව රවටන දෙමළ දේශපාලනඥයින් බුරුතු පිටින්ම විනාශ වී යායුතු බවය.

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ පුරුද්ද වී ඇත්තේ උතුරේ දෙමළ ජනතාව පාවා දී පක්ෂයේ නායකයින් විවිධ රජයන්ගෙන් විවිධ වරප්‍රසාද ලබා ගැනීම යැයි ප්‍රකාශ කරමින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ව පෝස්ටර් මගින් දැඩි ලෙස විවේචනයට ලක් කොට තිබේ.

පොලීසිය විසින් මෙම පෝස්ටර් වලින් කොටසක් ඉරා ඉවත් කොට ඇතත් මුලතිව් ප්‍රදේශයේ බොහෝ ගම්මානවල තවමත් එම පෝස්ටර් දැකගත හැකි බවයි වාර්තා වන්නේ.