ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට සහාය දුන් කාන්තාව මෙන්න

ගණේමුල්ල සංජීව ඝාතනය කළ වෙඩික්කරුට සහාය දුන් කාන්තාව මෙන්න

අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබේ.

පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ නමැති 26 හැවිරිදි එම කාන්තාව මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියකි.

ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගණේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව සඳහන්.