ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ

ඊශ්‍රායලයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ

ඉදිරි පැය 48 ක කාලය දක්වා ඊශ්‍රායලය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ඒ, ලෙබනනයෙන් එල්ල වන මිසයිල ප්‍රහාර හේතුවෙනි.

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, මීට පැය කීපයකට පෙර, ඊශ්‍රායලයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර ප්‍රහාර 300 ක් පමණ එල්ල කර ඇතැයි වාර්තා වේ.

එම ප්‍රහාරය වළක්වා ගැනීමට ඊශ්‍රායල හමුදා සමත් වී ඇති අතර, ඉන්පසු ඔවුන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස හිස්බුල්ලා සටන්කාමීන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ වන විට දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

COMMENTS