iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වෙයි

iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් වෙයි

ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය වන iPhone 16 නිල වශයෙන් වෙලඳපොළට නිකුත් කර තිබේ.

කැලිෆෝනියාවේ Cupertino හි Apple Park හිදී පැවති වාර්ෂික උළෙලේදී ඇපල් සමාගම සිය නවතම iPhone මාදිලිය මෙසේ එළිදක්වා ඇත.

ඒ අනුව, එළිදක්වන ලද iPhone 16 එළඹෙන සැප්තැම්බර් 20 වනදා සිට මිලදී ගැනීමේ හැකියාව ලැබෙනු ඇතැයි වාර්තා වේ.

Apple Intelligence ඇතුළු නවතම විශේෂාංග රැසකින් මෙම දුරකතනය සමන්විතයි.

මීට අමතරව නවතම ඇපල් වොච් 10 වන මාලාව (iwatch series 10), එයාර් පොඩ්ස් 4 (Air Pods 4) ද නිකුත් වී තිබේ.

ඒ අනුව, iPhone 16, iPhone 16 plus, iPhone 16 pro සහ iPhone 16 pro max ලෙස උපාංග හතරකින් මෙය ලෝක වෙලඳපොලට නිකුත්වනු ඇත.