ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ දමයි

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ දමයි

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ලබාදෙන ස්ථාවර තැන්පතු පොලී අනුපාතිකය ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් මිලියනයක් දක්වාවන ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙන වාර්ෂික පොලී අනුපාතිකය සියයට 10ක් ලෙස අවුරුදු දෙකක කාලයක් සඳහා ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවටයි, මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ.

වර්තමානයේ ස්ථාවර තැන්පතු සඳහාවන පොලී අනුපාතිකය සියයට 8.5ක් දක්වා සැළකිය යුතු මට්ටමකින් අවප්‍රමාණ වීම හමුවේ බහුතර ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් සිය තැන්පතු මුදල් ආපසු ලබා ගැනීම හේතුවෙන් මෙලෙස පොලී අනුපාතිකය ඉහළ නංවා ඇත.