උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි

උද්ධමනය සියයට 0.5ක් දක්වා අඩුවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, උද්ධමනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවී තිබේ.

2024 ජූලි මාසයේ දී සියයට 2.4 ක් ලෙස වාර්තා වූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අගෝස්තු මාසයේ දී සියයට 0.5 ක් දක්වා පහළ වැටී ඇත.

2024 අගෝස්තු මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 0.8 දක්වා අඩු වී ඇති අතර 2024 ජූලි මාසයේ දී එය වාර්තා වුයේ සියයට 1.5 ක් ලෙසය.

එමෙන්ම 2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 0.4 ක් දක්වා අඩු වී තිබේ.

එය 2024 ජූලි මාසයේ දී සියයට 2.8 ක් ලෙස වාර්තා විය.