ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී නාවික සෙබළෙක් මරුට

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී නාවික සෙබළෙක් මරුට

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය බව නාවික හමුදාව පවසයි.

ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව ට්‍රෝලර් යාත්‍රාවකින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පිරිස අත්අඩංගුවට ගැනීමට යෑමේ දී ඇති වූ සිදුවීමක දී තුවාල ලැබූ නාවික හමුදා සෙබළෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි, නාවික හමුදාව සඳහන් කළේ.