ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් අද (17) වසර 14ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ බිරිඳ වන බුෂ්රාට ද වසර 7 ක සිර දඬුවමක් නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී මෙම තීරණය ලබා දී තිබේ.

මෙය ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින බරපතළම චෝදනාව ලෙස සැලකේ.

ඉම්රාන් ඛාන් අගමැතිවරයා ලෙස කටයුතු කළ අවධියේ පාකිස්තානය මුහුණ දුන් මූල්‍යම කඩා වැටීම ඇතුළු චෝදනා කිහිපයක් වෙනුවෙන් ඔහු 2023 වසරේ අගෝස්තු මාසයේ සිට මේ වනවිට සිරගතව සිටියි.