සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් – මහලේකම් කබීර් හෂීම් ලෙස පත් කෙරේ

සමගි ජන බලවේගයේ සභාපති ඉමිතියාස් – මහලේකම් කබීර් හෂීම් ලෙස පත් කෙරේ

සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රධාන තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) දින කටයුතු කර තිබේ.

ඒ අනුව, සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබේ.

මීට පෙර එම තනතුර දරනු ලැබුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.

එමෙන්ම, සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් මහතා පත්කර ඇත.

මීට පෙර එහි වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතායි.

මේ අතර, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පත් කිරීමටද කටයුතු කර තිබේ.