IMF නියෝජිතයෝ අද දිවයිනට

IMF නියෝජිතයෝ අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) යළි දිවයිනට පැමිණෙන අතර, ඔවුන් සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එහි දී ඔවුන් එම වැඩපිළිවෙළේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන්.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් වීමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජය මේ වසර ආරම්භයේ දී යොමු වූ අතර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වී ඇතැයි රජය නිවේදනය කර තිබේ.

එමෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර නව බැඳුම්කරවලට හුවමාරු කිරීමේ ආරාධනය ද බැඳුම්කර හිමියන් පිළිගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට තිස් හතක් හෙවත් රුපියල් ට්‍රිලියන 3.2ක් වටිනා බැඳුම්කර හුවමාරු කිරීම මෙලෙස පිළිගෙන ඇති අතර, එය විශ්‍රාමික අරමුදල් සතු ව පවතින, හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කරවලින් 84%ක් නියෝජනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

Share This