තව සති දෙකකින් සුබ ආරංචියක් – රනිල්

තව සති දෙකකින් සුබ ආරංචියක් – රනිල්

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල සමඟ ශ්‍රී ලංකා රජය ඇති කර­ගත් වැඩ­ස­ට­හ­නට අනුව ඊළඟ වාරි­කය සඳහා වූ මුදල් ලබා­දී­මට තවත් සති දෙක­කින් IMF නියෝ­ජි­ත­යන් මෙර­ටට පැමි­ණී­මට නිය­මිත බව ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා පැව­සීය.

IMF ගිවි­සුම වෙනස් කිරී­මට ඉඩදී රටට ලැබී­මට නිය­මිත මෙම සහන අහිමි කර ගන්නවා ද කියා සැප්තැ­ම්බර් 21 වැනිදා ජනතාව තීර­ණය කළ යුතු බව පැවසූ ජනා­ධි­ප­ති­ව­රයා වැස්ස නැති කාලයේ ඉඳලා වැස්ස කාලයේ කුඩ­යත් අත්හැර පැන දුවන නාය­ක­යන් විශ්වාස නොක­රන ලෙස ද ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටි­යේය.

ශ්‍රී ලංකාව බංකොලොත් බවින් මුදා ගැනීමේ තුන්වෙනි කණ්ඩායම වන පුද්ගලික බැඳුම්කරුවන් සමග ගිවිසුමට අද අත්සන් තබනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (18) පස්වරුවේ කළුතර මහජන ක්‍රීඩාංගණයේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.‍

රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ මෙරට ආර්ථිකය වර්ධනය වූ බව අද අනුර කුමාර දිසානායක ද පිළිගෙන ඇති බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා තමාට රට කිරීමට නොහැකි වුවහොත් වසර එකහමාරකින් එය අතහරින බවට අනුර කුමාර කළ ප්‍රකාශය මඟින් තහවුරු වන්නේ ඔහුට රට ඉදිරියට ගෙන යා නොහැකි බව ඔහු විසින්ම පිළිගැනීම යැයි ද සඳහන් කළේය.

එසේම සජිත්ගේ වැඩපිළිවෙළ ගැන දැන ගැනීමට ඔහුට රූපවාහිනී වැඩසටහනකට ආරාධනා කළ ද ඔහු නොපැමිණි බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ වැඩපිළිවෙළ රටට පැවසිය නොහැකි නායකයන්ට රට භාර දී අනාගතය අඳුරු කර නොගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.