IMF තුන්වන වාරිකය නිකුත් කරයි

IMF තුන්වන වාරිකය නිකුත් කරයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ තෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දී තිබේ.

ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (12) දිනයේ ශ්‍රී ලංකාව සඳහා වන EFF විධිවිධාන පිළිබඳ දෙවන සමාලෝචනය සඳහා අනුමැතිය ලබා දීමෙන් අනතුරුවයි.

ඒ අනුව, තෙවන වාරිකය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබේ.

2023 වසරේ මාර්තු 20 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට ආසන්න මුදලක් විස්තීරීණ ණය පහසුකම යටතේ මාස 48ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පළ කරනු ලැබීය.

Share This