IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

IMF තුන්වෙනි වාරිකය අද මධ්‍යම රාත්‍රියේ

අද පැවැත්වෙන IMF දෙවන සමාලෝචනයෙන් පසුව තුන්වෙනි වාරිකය ලෙස ඩොලර් මිලියන 335 ක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍යය සෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පිළිබඳ දෙවන සමාලෝචනය අද සිදු වේ.

එම සමාලෝචනයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට තුන්වෙනි වාරයේ ඩොලර් මිලියන 335 ක් ලැබීමට නියමිත අතර එම තුන් වැනි වාරිකය නිදහස් කිරීම අද (12) මධ්‍යම රාත්‍රිය වන විට නිවේදනය කරනු ඇති බවට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අද මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කිරීමට නියමිතව ඇති අතර, මේ වන තෙක් මෙම ණය පහසුකම යටතේ මෙරටට ලැබී ඇති සමස්ත ණය මුදල අමරිකානු ඩොලර් මිලියන 670ක් වේ.

මෙය ජාත්‍යන්තර වශයෙනුත් දේශීය වශයෙනුත් රටේ ආර්ථිකයට හොඳ බලපෑමක් ඇති කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විපක්ෂය සෑම විටම මේ පිළිබඳ දුර්මත ඇති කරමින් විවිධ ප්‍රකාශ සිදුකරන බවත් රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරම්භ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.

විපක්ෂය සෑම විටම විවේචන එල්ල කරන අතර මේ පිළිබඳව සෑම විටම දුර්මත ඉදිරිපත් කළ බවත් ඒ සියල්ල පරාජය කරන බවත් කියා සිටියා..

Share This