පැවති පාලනය හේතුවෙන් බංකොලොත් වූ රට අයි.එම්.එෆ් පරිවාසයකට යටත් වෙලා

පැවති පාලනය හේතුවෙන් බංකොලොත් වූ රට අයි.එම්.එෆ් පරිවාසයකට යටත් වෙලා

පැවති පාලනයන්ගේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් බංකොලොත්භාවයට පත් වූ අප රට මේ වන විට පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ යම් කිසි පරිවාසයකට යටත්ව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ තත්ත්වය යටතේ රටක් ලෙස ගොඩනැගීම සඳහා ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට මෙවර අයවැයෙන් මූලික පියවර තැබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවේ කොළඹ සිනමන්ඩ් ලයිෆ් හෝටලයේ අද (19) පැවති “2025 පශ්චාත් අයවැය කතිකාවත 2025” (POST BUDGET FORUM 2025 ) සංවාදයට එක්වෙමිනි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින් ණය ගෙවීම සඳහා ලබා ගත් වසර තුනක විරාම කාලය හොඳින් උපයෝගී කර නිවැරදි ආර්ථික කළමනාකරණයක් තුළින් 2028 වන විට ණය ගෙවීමේ ශක්‍යතාවක් ඇති කිරීමට රජය අපේක්ෂා කරන බවද ජනාධිපති අනුර දිසානායක මහතා කියා සිටියේය.