කෝටියක ‘අයිිස්‘ සමඟ අයෙක් මාට්ටු

කෝටියක ‘අයිිස්‘ සමඟ අයෙක් මාට්ටු

රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අද (11) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, බොරැල්ල සහස්පුර පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලාගොස් සිටින අයකුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරකුරක් ලැබී තිබිණි.

ඒ අනුව, කඳාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී හදිසි මාර්ග බාධකයක් යොදා මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු සන්තකයේ තිබී අයිස් කිලෝ එකයි ග්‍රෑම් අටක් බහා තිබූ පාර්සල් පහක් පොලීසිය භාරයට ගත් බව පැවසේ.

පසුව මෝටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටකට පලාගොස් සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මෝදර නිපුණ යන අයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.