චමරි අතපත්තු තෙවැනි වරටත් ICC දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

චමරි අතපත්තු තෙවැනි වරටත් ICC දක්ෂතම ක්‍රීඩිකාව වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) පසුගිය ජූලි මස ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, චමරි අතපත්තු තේරී පත්වී තිබේ.

ඒ, ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් වන Smriti Mandhana සහ Shafali Verma අභිබවා යමින්.

34 හැවිරිදි වියේ පසුවන චමරි මෙම සම්මානය දිනාගත් තුන්වැනි අවස්ථාව මෙයවෙයි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්ද ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය තුන්වරක් හිමිකරගෙන තිබේ.

චමරිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉන්දියාව පරාජය කරමින් පසුගිය ජූලි මස 28 වැනිදා ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

චමරි එහිදී තරගාවලිය දක්ෂතම ක්‍රීඩකාව ලෙස ද සම්මාන ලැබුවාය.